Lesson 02:- Trade කරන්න පටන්ගනිමු.
මෙම post එක බලන ඔබ අප විසින් මීට පෙර පලකල Introduction 01, Introduction 02 සහ Lesson 01 යන post පිළිබඳව අවබෝදයක් සහ verified කරනලද trading account එකකින් යුක්තයයි අප උපකල්පනය කරන්නෙමු.
හොඳයි, ඔබට trading කිරීම පිලිබඳ කිසිම දැනුමක් නැතිනිසා මෙහිදී ඔබට පුහුණු විම සඳහා demo account එකක් සාදාගැනීමට සිදුවෙනවා. ඒ සඳහා open account click කර open a demo account හිදී details ලබාදී(real account එක සඳහා යොදාගත් email එකම භාවිතා කලහැකිය) account එක සාදාගෙන එහි ලබාදෙන දත්තයන් trading software එකට ඇතුලත්කර demo account එකට log වියහැකිය.
සැ.යු: demo account එකක ලබන ලාභ withdraw කල නොහැකි අතර එය පුහුණුවීම සඳහා පමණක් උපකාරීවේ.
Demo account එකට log වූ පසු...
Demo trade කරන්න පටන්ගන්න කලින් meta trader 4 (MT-4) සහ forex වල භාවිතාවෙන වචන ගැන යම් විස්තරයක් කලොත් හොඳයි කියලා සිතෙනවා.
Quote currency සහ Base currency:
උදාහරණයක් විදියට EUR/USD අනුපාතය 1.2500ක් ලෙස ගත්විට මේකෙන් අදහස් කරන්නේ eur 1ක් මිලදීගැනීමට 1.2500 usd ප්‍රමාණයක් වැයකළ යුතුබවයි. මෙහිදී base currency එක eur වන අතර quote currency එක usd වේ.
Buy(ask) සහ Sell(bid) :
ඇත්තටම අපි trading කරනවා කරලා කරන්නේ buy කිරීම හෝ sell කිරීම. හැබැයි buy සහ sell කියන දෙකෙහි අර්ථය වන්නේ ගැනීම සහ විකිනිමමනම් නෙමෙයි. යම් currency අනුපාතයක් පවතින අගයට වඩා ඉහලයනවා යැයි සිතුනුවිට අපි සිදුකරන්නනේ buy trade එකක් සහ පවතින අගයට වඩා අඩුවෙනවයයි සිතේනම් අපි සිදු කරන්නේ sell trade එකක්.
Pip :
forex trading වලදී වැදගත්ම වචනයක් තමයි pips කියන්නේ. මම මේක උදාහරණයක් ඇසුරින් පැහැදිලි කරන්නම්. වෙළඳපොලේ දැන් eur/usd rate එක 1.2500 ක් කියලා සිතන්නකෝ. මම කලින් කිව්වා පරිදි මෙම rate එකේ මුල් දශමස්ථාන දෙක නිතරම වෙනස් වෙන්නැ. උදාහරණයක් විදියට 1.2501, 1.2511 වගේ. 1.2600 වගේ අගයකට වෙනස්වීමට නම් යම් කාලයක් යනවා. විනාඩි 30ක්,දවසක් හෝ ඊටත් වැඩි කාලයක්. සමහරවිට වෙළඳපොලේ සිදුවන ක්ෂණික වෙනස්වීමක් නිසාත් විශාල වශයෙන් මෙම අනුපාතය වෙනස්වෙන්න පුළුවන්.
දැන් ඔයාල හිතන්න 1.2500 තිබුන අනුපාතය 0.0001කින් වෙනස්වුණා කියලා. එතකොට දැන් rate එක 1.2501 හෝ 1.2499. ඉතින් මේ අනුපාතය 0.0001කින් වෙනස්වීම අපි pip 1ක් ලෙස හඳුන්වනවා. අනුපාතය pips 10කින් වැඩිවුණා කිව්වම එකේ තේරුම තමයි අලුත් අනුපාතය 0.0010 කින් වැඩි වෙලා(1.2510).
සමහර trading software එකේ currency අතර අනුපාතය දශමස්ථාන 5,6කින් පමණ දක්වනවා. ඒකියන්නේ eur/usd rate එක 1.250000 වගේ. එත් pip එකේ අගය දක්වන්නේ 0.0001ක් ලෙසම තමා. pip 0.1කින් වැඩි වුනවිට මෙහි අගය වෙන්නේ 1.250010. මම හිතනවා දැන් pip ගැන පැහැදිලි ඇතිකියලා.
Lot :
දැන් මම කියන්න හදන්නේ මේකේ අදායම හැදෙනහැටි. දැන් eur/usd value එක 1.2334 කියලා හිතමු. මෙම අනුපාතය වැඩිවෙනවා සිතා අපි buy trade එකක් කරනවා යැයි සිතන්න. එකට අපිට eur1ක් ගන්න වෙනවා. එකට අපිට 1.2334 usd මුදල් ප්‍රමාණයක් වැයවෙනවා. පසුව pip එකකින් මෙම අනුපාතය වැඩිවෙනවා. එතකොට දැන් අගය 1.2335 usd. අපිට 1eurක් මිලදිගනිමෙන් ලැබුණු ලාභය 0.0001 usd. ඇත්තටම මේක ඉතාකුඩා අගයක්. lot එකක් කියලා අදහස් කරන්නේ මේ වගේ unit 100,000ක්. ඉතින් අපිට lot එකක් මිලදී ගන්න 1.2334 usd *100,000 ක මුදල් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒ වගේමයි lot එකකින් pip එකක් ඉහලගියවිට මෙහිදී ලැබෙන අදායම 0.0001 usd * 100,000= 10 usd. හැබැයි ඉතින් එච්චර මුදල් ප්‍රමාණයක් අපි කොහෙන් හොයන්නද? මෙතැනදී තමා අපිට trading company එක අවශ්‍යවන්නේ.
Leverage :
Leverage කියන වචනය ඔයාලට මතක ඇති account එක හදද්දී භාවිතවුණා. අපි 1000:1 leverage එක තමා ගත්තේ. මෙම අගය වැඩිවෙන තරමට තමා හොඳ. මේකෙන් ඇත්තටම අදහස් වෙන්නේ අපේ trading broker අපිට trade කිරීමට ලබාදෙන support එක. ඉහත lot 1ක් ගන්න අපිට යන වියදම 1.2334 usd *100,000. හැබැයි company එකේ leverage එක 1000:1 නිසා අපිට usd 1000ක trade එකක් සඳහා අවශ්‍යවෙන්නේ 1usd. ඒ අනුව lot එකක්ගන්න අවශ්‍යවන්නේ 1.2334*100 usd.
හැබැයි අපි කිසිමවිටකදී lot 1ක් trade කරන්නෑ. lot එකෙන් යම් ප්‍රතිශතයක් තමයි trade කරන්නේ. ඔය percentage එකට තමා volume එක කියන්නේ. පහත උදාහරණයේ volume එක 0.05ක් ලෙස trader තෝරාගෙන තියෙනවා.
Volume එක select කිරීම ඔයාලා deposit කරන මුදල මත තීරණය වෙනවා. demo එකේදී ඔයාලට කැමති volume එකෙන් practice වෙන්න පුළුවන් හැබැයි real account එකේදී එහෙම කරොත් ඔයාලගේ සල්ලි විනාසවෙලා යන්න බොහෝ ඉඩතියෙනවා. මම ඒක උදාහරණයකින් පැහැදිලි කරන්නම්. මොකද නිවැරදි පියවර අනුගමනය නොකරන, ඉවසීම නැති tradersලාට හැමදාම සිදුවෙන්නේ තමන්ගේ මුදල් නැතිකරගන්න. එනිසා අපි සමග නිතරම රැදී සිටින්න, ඕනෑම ගැටළුවක් comment කරන්න කියලා ඉල්ලසිටිනවා.
වැදගත්ම හරිය...
ඔයා 100 usd forex වලට invest කලා කියලා හිතන්නකෝ. දැන් ඔය eur/usd rate එක 1.2500 තියෙන වෙලාවක volume එක 0.5 වන buy trade එකක් කරනවා. ඇත්තටම මෙම trade එකට ඔයාට අවශ්‍ය වෙන මුදල කියාද? දැන් ඔයාලගේ දැනුම ප්‍රමාණවත් මේ අගය සොයන්න. (1.2500*100,000*0.5)/1000 usd මුදලක් ඕන. ඒ කියන්නේ 62.5 usd. ඉතින් මෙම trade එක කලාම 62.5 usd ඔයා වැයකලත් ඔයාගේ software එකේනම් එම අගය අඩුවී පෙන්වන්නේ නැ. නමුත් අපි buy කල trade එක ඒකියන්නේ ඔය rate එක ඉහල යන්නේ නැතිව පහල යනවා කියලා සිතන්න. එකියන්නේ අපිට lose එකක්. pip එකකින් පහල ගියාම ඔයාලගේ account එකෙන් අඩුවෙන මුදල වන්නේ (0.0001*100,000*0.5)/1000 usd. ඒකියන්නේ එක pip එකක් අඩුවන විට 5 usd කා මුදලක් ඔයාගෙන් lose වෙනවා. එතකොට account එකේ balance එක 100-5 usd =95 usd වෙනවා. ඉතින් ඔයාල හිතන්න pips 20කින් පහල ගිය කියලා. එතකොට 20*5 usd = 100 usd, ඒ කියන්නේ ඔයාල deposit කල මුළු මුදලම lose වෙනවා.
දැන් මේ ගැන හොඳ අවබෝධයක් ඇති කියලා හිතනවා. volume එක තෝරාගන්න විදිය real trading වලට බැස්සම කියලා දෙන්නම්. දැනට demo account එකේ ඔයාල කැමැති volume එකකින් trade කරන්න.
Spread :
මම මුලින්ම කියන්න කැමතියි currency rate එක buy සහ sell trade එක අනුව වෙනස් වෙනවා. ඉහත රූපයේ aud/usd අනුපාතය sell trade එකක් සඳහා 0.93860 ලෙසත් buy trade එකක් සඳහා 0.93865 ලෙසත් වෙනවා.(අපේ broker company එක අදායමක් ලබන්නේ ඔය වෙනසින් තමා. මම හිතනවා ඒ අගය හොයන්න ඔයාලට ප්‍රමාණවත් දැනුමක් ඇති කියලා) ඉතින් ඔය දෙක අතර වෙනස තමා spread එක කියන්නේ.මෙම currency rate එකට අදාලව නම් spread එක 0.5ක් වෙනවා. එකියන්නේ 0.5 pips වෙනසක් තියෙනවා.
Stop Lose(S/L) සහ Take Profit(T/P)
අපි trade එකක් කර trade එක close කිරීමට බලාපොරොත්තුවෙන limit දෙක තමා මේ කියන්නේ. අපි profit බලාපොරොත්තුවෙන limit එක take profit වන අතර අපි දාපු trade එක lose වෙනවනම් lose වීම නවත්වන්න දන limit එකතමා stop lose කියන්නේ.
උදාහරණයක් විදියට 1.2500 eur/usd rate එකේදී අපි එම අගය පහලයයි සිතා sell trade එකක් කරනවා. ඉතින් ඕකට limit දන්නේ කොහොමද. ඇත්තටම limit දන විදිය trader ගේ තියෙන balance එක මත සහ trading කරන විලාසය අනුව වෙනස්වෙනවා. ඒගැන මම වැඩිවිස්තර පසුව කියන්නම්. සමහර අවස්ථාවල අපි limit දාන්නේ නැ.
මොනවද මේ currency වර්ග?
Forex trading වල currency වර්ග ගොඩක් පාවිච්චි කරනවා. ඒ වගේම gold, තෙල්, bitcoin වගේ දේවලුත් trade කරනවා. USD (ඇමෙරිකානු dollar), EUR (euro), JPY (Japanese Yen), GBP(British Pound), AUD (Australian Dollar) වගේ ගොඩක් තියෙනවා.
Currency වර්ග ගොඩක් තිබුනත් අපි ඒ හැම එකෙන්ම trade කරන්නෙත් නෑ. ඒ වගේම හැම වෙලාවේම trade කරන්නෙත් නැ. මොකද සුදුසුම වෙලාව එනකම් ඉන්න ඕන. Forex signal අපයටතේ register වන traders ලට පමණක් ලබාදෙන බව මෙහිදී මතක් කරන්න කැමතියි. මෙම link එකෙන් register වෙන්න කියලා කියනවා අප සමග register නොවුණු අයට.
මම දැන් කියපු විස්තර ටික ඇති ඔයාලට demo account එකෙන් practice වෙන්න. ඔය software එක පොඩ්ඩක් අතගාල එකට ටිකක් හුරුවෙන්න. trade ගොඩක් දාල අද්දැකීම් ගන්න. මොකද demo account එකේ තියෙන්නේ බොරු සල්ලි. හරියටම දවස් 3-4ක් ඇති ඔයාලට වැඩේ practice වෙන්න.
ඔයාලට තියෙන ඕනෑම ගැටළුවක් Comment කරන්න. Share පාරක් දාගෙන යන එක ඔබට බාරයි. හමුවෙමු 'Lesson 03 Real account එකට බහිමු 'සමගින්.
ස්තුතියි ඔබ සැමට.......!!!
Leave a Comment