Introduction 01- ඇත්තටම internet එකෙන් සල්ලි හොයන්න පුලුවන්ද?
ඔව්, ඇත්තටම internet එකෙන් සල්ලි හොයන්න පුලුවන්. මේ වනවිට ඒ සඳහා ඉතා ජනප්‍රිය ක්‍රම රැසක් තියෙනවා. මම ඉතා කෙටියෙන් ඒ පිලිබන්දව විස්තර කරන්නම්.
01- Google Adsense : ඔබ සතුව web අඩවියක් හෝ Youtube channel එකක් තිබේනම් මෙමෙ ක්‍රමය මගින් ඉතා සාර්ථකව මුදල් උපයන්න පුළුවන්. මෙහිදී සිදුවන්නේ google සමාගමේ වෙළඳ දැන්වීම් ඔබගේ web අඩවිය තුල පලවීම හා එමගින් යම් මුදලක් ඔබට ලැබීමයි. Web අඩවියට පැමිණෙන පිරිස (traffic) United State හෝ Europe රටකවේ නම් ඔබ ලබන අදායම ඔබටද සිතාගත නොහැකිවේවි.
02- Freelancing Jobs : Freelancing jobs හිදී සිදුකරන්නේ ඔබසතු යම් හැකියාවක් මගින් වෙනත් රටක අයෙකුගේ අවශ්‍යතාවක් ඉටුකරදී මුදල් ඉපයීමයි. ඔබ සතුව writing, Photoshop, video editing, animation, graphic design, web development වගේ මොනයම් හෝ හැකියාවක් තිබේනම් freelancer.com, upwork හෝ fiver කියන website එකක register වෙලා මුදල් උපයන්න පුළුවන්.
03- Forex Trading : මේ සම්බන්දව අපි ඉදිරි post වලින් වැඩි වශයෙන් කතාකරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තෙන්ම මෙම ක්‍රමය ඉතාසාර්ථක මුදල් ඉපයීමේ ක්‍රමයක් බවට පත්ව තිබෙනවා. මෙහිදී යම් මුදලක් අපට ආයෝජනය කිරීමට සිදුවෙන අතර මේ පිළිබඳව නිවැරදි අවබෝදයක් සහිත පුද්ගලයෙකුට ලොකු මුදල් ප්‍රමාණයක් ඉතා සාර්ථකව ඉපයීමට හැකියාව තියෙනවා. ඔබට මේ සඳහා අවශ්‍ය සියලුම දැනුම මෙම web අඩවිය තුලින් හා අපගේ fb page එකෙන් සහ fb group එකෙන් ලබාදීමට බලාපොරොත්තු වෙනවා.
මිට අමතරව තවත් ක්‍රම රැසක් තිබෙන අතර ඉහත සඳහන් කල ක්‍රම 03 ඉන් ප්‍රධානවෙනවා. මම මෙහිදී කියන්නට කැමැතියි ads clickකිරීම වගේ දේවල් සඳහා ඔබගේ වටිනා කාලය කැපකිරීමෙන් වලකින ලෙසට. මන්ද එය නිෂ්පල ක්‍රියාවක් වගේම ඒ සඳහා ඇති බොහොමයක් web අඩවි වංචා සහගත ඒවා වනනිසය. මම මෙම බ්ලොගය හරහා forex trading ගැන පමණක් කතාකලද, යම් අයෙකුට අනෙකුත් ක්‍රම පිළිබඳව දැනුවත් වීමට අවශ්‍ය නම් comment එකක් දමනාලෙස ඉල්ලා සිටිමි.
අද post එකෙන් මම උත්සහ කලේ internet money ගැන යම් අවබෝදයක් ලබාදෙන්න. ඔබටත් යම්කිසි ආසාවක් ඇති උනානම් අන්තර්ජාලයෙන් අමතර අදායමක් ලබන ආකාරය ගැන නිවැරදිව ඉගෙනගන්න, අපගේ ඉදිරි post සමග රැදෙන්න කියලා මම ආරාධනා කරනවා.
Comment එකක් දාල share පාරක් දාගෙන යන එක ඔබට බාරයි. හමුවෙමු Introduction 02 සමගින්.
ස්තුතියි ඔබ සැමට.......!!!
Leave a Comment