Introduction 02- මොකක්ද මේ forex කියන්නේ?


සියලු දෙනාම සාදරයෙන් පිලිගන්නවා Teach Me FX Trading වෙත. මෙතැන් පටන් අප බලාපොරොත්තුවෙනවා e-money පිළිබඳව නිවැරදි දැනුමක් අවබෝදයක් ඔබවෙත ලබාදී අමතර අදායම් මාර්ගයක් ඔබට සලසා දෙන්නට.

මොකක්ද මේ forex කියන්නේ 😐?

Forex එහෙම නැත්නම් foreign exchange market එක කියන්නේ විදේශ මුදල් හුවමාරුවෙන ස්ථානයක්. උදාහරණයක් විදියට හිතන්න, ලංකාව ජපානයෙන් මෝටර් රථයක් මිලදිගන්නවා. එහිදී අපි ජපානයට මුදල් ගෙවීමක් සිදුකරන නමුත් මෙම රටවල් දෙකේ භාවිතාවෙන මුදල් එකක එකිනෙකට වෙනස්. මොකද ජපානය ගනුදෙනු කරන්නේ යෙන් වලින් නිසා. එමනිසා ඔයාලට තේරෙනවා ඇති ලංකාවේ රුපියල් හා ජපානයේ යෙන් අතර යම්කිසි අනුපාතයක් තිබිය යුතුයි කියලා. මෙන්න මේ අනුපාතය පදනම් කරගෙන සිදුවන වෙළඳපොල තමා forex කියන්නේ. එකියන්නේ, මෙම අනුපාතය සැමවිටම වෙනස් වෙනවා. ඒ සඳහා රටේ දේශපාලන සහ ආර්ථිකය වගේ කරුණු රැසක් බලපානවා.මේ සඳහා හොඳම උදාහරණය තමා, ඔබට මේ දවස්වල මාධ්‍යය ඔස්සේ ඇසෙනවා ඇති රුපියලේ අගය හැල්ලුවෙලා කියලා. ඒ කියන්නනේ අපේරටේ දේශපාලන අස්ථාවරය, වෙළඳපොල කඩාවැටීම වගේ කරුණු මෙයට හේතුවෙනවා.

අදායමක් උපයන්නේ කොහොමද?

මෙය තරමක් දුරට කොටස් වෙළඳපොල සමග සමගාමිව යන සිද්දියක්. ඒ කියන්නේ කොටස් වෙළඳපොලේ දී අපි කරන්නේ කොටස් මිල පහල යනවිට කොටස් මිලදීගෙන කොටස් වල මිල ඉහල යනතෙක් බලාගෙන සිට ඉහල ගියපසු එම කොටස් විකිණීමයි. forex හිදී යම් මුදල් ඒකකයක් ඉහල යනවිටත් පහල යනවිටත් ලාභ ලැබීමේ හැකියාව තියෙනවා.
උදාහරණයක් විදියට, us dollar සහ euro කියන මුදල් එකක දෙක සලකමු. මෙම තත්පරයේදී  USD එකක මිල  රුපියල් 155.76 සහ  euro එකක් 193.32 වෙනවා. එමනිසා euro/usd අනුපාතය 1.2424 වෙනවා. අපි මෙම අගය ඉහළයයි සිතා ගණුදෙණු කළහොත් (ඉහල යෑමටනම් euro වැඩිවීමක් හෝ usd අඩුවීමක් සිදුවිය යුතුයි.) ඉහළ ගියපසු අපට යම් ලාභයක් ලැබීමට හැකිවේ. මෙම අනුපාතය අඩුවෙයි සිතා ගණුදෙණු කළහොත් (පහල යෑමට නම් usd වැඩිවීමක් හෝ euro අඩුවීමක් සිදුවිය යුතුයි.) අනුපාතය පහල ගියපසු අපට යම් ලාභයක් ලභාගැනීමට හැකිවේ. මෙම අනුපාතය වෙනස්වීම නිවැරදිව හඳුනාගැනීමට අවශ්‍ය දැනුම සහ හැකියාව ඔබවෙත ලබාදීම මෙම web අඩවියේ මුලික අරමුණවේ.

ලොකු දැනුමක් නෑනේ මට 😕...

ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි, මට ලොකු දැනුමක් නෑනේ මේක ගැන. ඇත්තටම ඕනෑම දෙයක් ඉගෙන ගන්න උනන්දුව, ආශාව අවශ්‍යයි. ඒ දෙක ඔබළඟ තියෙයි නම් මෙය ඉගෙන ගන්නෙක ඉතා පහසුයි. මෙහිදී ලොකු ගණිත ගැටළු විසඳීමට නොමැතිබව මම කාරුණිකව මතක්කරනවා.


මොනවද දැන් මේකට ඕනෑවෙන්නේ ?

ඇත්තටම forex trading කරන්න බලාපොරොත්තුවෙන ඔයාලට ප්‍රධාන වශයෙන් ඕනෑවෙන්නේ ගණුදෙණු ආරම්භකිරීමට යම් මුදල් ප්‍රමාණයක් සහ ඉවසීමේ හැකියාව. මෙම කරුණු දෙක ඔබ සතුව ඇත්නම් ඔබගේ මුදල් ඉපයීම කාටවත් නතරකිරීමට බහැ. මම ඉවසීම ගැන කතාකලේ ගොඩක් දෙනාට forex වැරදෙනවානම් එයට බලපාන ලොකුම සාදකය තමයි ඉවසීම නැතිකම.



කීයක් විතර හම්බකරගන්න පුලුවන්ද ඕකෙන් 😋?

ඕක තමා දැන් තියෙන දැවෙන ප්‍රශ්නය. ඇත්ත ඔයාල මෙතෙන්ට අවේ මගේ post කියවල යන්න නෙමෙයිනේ, අමතර අදායමක් හොයාගන්නනේ. කව්රුත් කැමතියි දැනගන්න කීයක් මේකෙන් හොයාගන්න පුලුවන්ද කියලා.

ඇත්තටම එයට බලපාන ලොකුම සාධකය වෙන්නේ ඔයාල කීයක් invest කරනවද කියන එක. දෙවෙනියට බලපාන්නේ කොපමණ ගණුදෙණු ප්‍රමාණයක් සාර්ථක කරගන්නවද කියනඑක. ඔය කරුණු දෙකෙන් මුල් කරුණ සඳහා මට කිසිම උදව්වක් කරන්න බෑ කියලා ඔයාලට තේරෙනවනේ. හැබැයි දෙවෙනි කාරුණ සාර්ථක කරගන්න මම ඔයාලට මෙම web අඩවිය හරහා සහ facebook group එක හරහා උදව් කරන්නට බැඳී සිටිනවා.

ඔයාලා invest කරන මුදල අනුව ඔයාලට මාසයක් (1 month)තුල දලවශයෙන් උපයගතහැකි ලාභය පහත පරිදිවේ.
usd 100 invest කර usd 30 ක් හෝ ඊට වඩා වැඩි ලාභයක්ද,
usd 200 invest කර usd 75 ක් හෝ ඊට වඩා වැඩි ලාභයක්ද,
usd 500 invest කර usd 200 ක් හෝ ඊට වඩා වැඩි ලාභයක්ද,
usd 1000 invest කර usd 500 ක් හෝ ඊට වඩා වැඩි ලාභයක්ද,
usd 2000 invest කර usd 1200 ක් හෝ ඊට වඩා වැඩි ලාභයක්ද, උපයාගැනීමට හැකියාව ඇත.

මෙහිදී ඔබ invest කරන මුදලේ අගය වැඩි නම්, ඔබගේ ගිණුමේ ස්ථාවර භාවයද වැඩිවේ. එමනිසා වැඩි මුදල් ප්‍රමාණයක් ආයෝජනය කිරීමට හැකිනම් මෙහි දීර්ග ගමනක් කෙටිකාලයකින් යාමට හැකිවේ. මම යෝජනා කරන්නේ 500 usd හෝ ඊට වඩා වැඩි මුදලක් ආයෝජනය කිරීම ඉතා යෝග්‍ය බවයි. මෙම කරුණ ඔබට දැන් තාර්කිකව වටහුනේ නැත්වුනත් අපගේ ඉදිරි post හරහා ඔබ මේගැන හොඳින් දැනුවත් වේවි.

ඕකෙම ඇලිල ඉන්නවෙනවද?

මම මුලින්ම කිව්වා මේක ඔබගේ අමතර අදායම් උපයාගැනීමේ ක්‍රමයක් කියලා. ඒ නිසා දවසෙම මේකෙම ඉන්න ඕනනෑ. Forex වෙළඳපොල සතියේ දිනවල පමණක් පවතින අතර අනෙක් දිනදෙකේදී ගණුදෙණු කිරීමේ හැකියාව නොමැතිබව දැන්මම ඔබට මතක් කරන්න කැමතියි. ඒවගේමයි හොඳ අවබෝදයකින් පසුව ඔබගේ phone එකෙන් උනත් මේ වැඩේ කරන්න පුළුවන්. එහින්ද ලොකුවෙලාවක් මේකට යොමු කරන්න ඕනනැ.

විශ්වාස කරන්න පුලුවන්ද ඕක දැන්?

ඇත්තටම 100$- 2000$ වගේ ලොකු මුදලක් ආයෝජනය කරනකොට එතන විශ්වාසවන්තභාවය ඉතාමත් වැදගත්. Internet එකේ පොඩ්ඩක් හොයල බැලුවොත් forex trading company 200ක් පමණ හොයාගන්න පුළුවන්. ඉතින් ඔතනින් ගොඩක් ඒවා වංචා සහගතයි, ඒවගේම වෙලාවට payment කරන්නෙත්නෑ, අපේ මුදල් වලින් ඔවුන් ලොකු කොමිස් මුදලක් උපයගන්නවා. ඉතින් මේ වැඩේට හරියනම ලෝකේ පිළිගත් ලංකාවට ගැලපෙන forex broker කෙනෙක් මම ඔයාලට ඉදිරි post එකෙන් ඉදිරිපත් කරන්නම්.


ලංකාවට අදායම ගෙන්වන්නේ කොහොමද?

මේක තමයි අනෙක් වැදගත් ප්‍රශ්නය. බොහෝවිට internet එකේ තියෙන සල්ලි ලංකාවට ගෙනෙද්දී ලොකුමුදලක් කපාගෙන තමයි එක කරන්න වෙන්නේ. හැබැයි මම ඔයාලට money withdraw කරන්න තියෙන හොඳම ක්‍රම ඉදිරියේදී කියන්නම්. 

Comment එකක් දාල share පාරක් දාගෙන යන එක ඔබට බාරයි. හමුවෙමු 'Lesson 01 forex  account එකක් හදමු'සමගින්.

ස්තුතියි ඔබ සැමට.......!!!

No comments

Powered by Blogger.